ගණිකාව
සැමදෙන සිනාමුසු මුහුණින් පිළිගත්තා කොල්ලො කුරුට්ටන් රිසිසේ සැපගත්තා වසයක් උන්දැලත් ඒ අතරට උන්නා ඇය ගැහැණියක් , සැමටම පතිවත වික්කා යටිතොල හපන් දෙඇසම ඈ වසාගෙන යුද්ධෙක යෙදෙනවා ඇඳ උඩ හැම පැයම අකැමැති උනත් මෙමගින් ඇය දිවිගෙවන වෘත්තිය මෙයයි මුඩුක්කු වල රජ කරන උදේ - හවස නිති දරුවට පිටි දුන්නු වේල් තුනම රසබත් ගුලිකර දුන්නු පාසල් යවා සැනෙකින් මඩමේ උන්නු නළඟන ඇයයි ... මුදලට ආලය එක්කලා ඇඟ දුන්නු " මල්ලියෙ ..! දරුවා අඩනව ඇති ඉක්මන් කරපං ආයෙත් එන්නෙපා උබ පන්තිම පලයං කෙල්ලෙක් ඉන්නවා නම් ඒකිට ගරු කරපං ඒකිට මේ වගේ නොම වෙන්නට තියපං "...!