රාමසාන් - අවුරුදු
මතක ඇති උබට
පොඩි කාලෙ
අපි දෙන්නටම
රාමසාන් - අවුරුදු...
උබලට නෝම්බි
අපිට නොනගතේ...
බැස්සෙ අපි පාරට
බැට් එකයි බෝලෙයි
පුටුවයි...
හිටියෙ අපිත් එක්ක
තනියට...
උබලගෙ ගෙදර
අපේ කිරිබත,
කැවිලි පිගානත් එක්කම
අපේ ගෙදර
කටට කෙල උනන
වටලප්පම
ඇයි අමතක
උබල අපි
එකට දීපු දන්සල
තේරෙන්නෙ නෑ
හරි වැරැද්ද
නෑ ආයෙත්
මට හැගෙන විදියට
උබල අපි එකට සමරන
රාමසාන් - අවුරුදු.... •
Comments
Post a Comment