Posts

Showing posts from November, 2018

ගණිකාව

සැමදෙන සිනාමුසු මුහුණින් පිළිගත්තා කොල්ලො කුරුට්ටන් රිසිසේ සැපගත්තා වසයක් උන්දැලත් ඒ අතරට උන්නා ඇය ගැහැණියක් ,  සැමටම පතිවත වික්කා යටිතොල හපන්   දෙඇසම ඈ වසාගෙන යුද්ධෙක යෙදෙනවා   ඇඳ උඩ හැම පැයම අකැමැති උනත්   මෙමගින් ඇය දිවිගෙවන වෘත්තිය මෙයයි මුඩුක්කු වල රජ කරන උදේ - හවස නිති දරුවට පිටි දුන්නු වේල් තුනම රසබත් ගුලිකර දුන්නු පාසල් යවා සැනෙකින් මඩමේ උන්නු නළඟන ඇයයි ... මුදලට ආලය එක්කලා ඇඟ දුන්නු " මල්ලියෙ ..! දරුවා අඩනව ඇති ඉක්මන් කරපං ආයෙත් එන්නෙපා උබ පන්තිම පලයං   කෙල්ලෙක් ඉන්නවා නම් ඒකිට ගරු කරපං ඒකිට මේ වගේ නොම වෙන්නට තියපං "...!

අමතක මතක

කංචනා ...! යාල්පානම් අහස යට පෑගෙන අපේමයි කියාගත් මතක කියවන් යන්න හිතෙනව හුස්මත් අමතක කරගෙනම අපේ මතක වලින් ගොඩ කරපු ඒ නයින් පාර කාපට් වලින් හැඩවෙලා උබේ සුදු වුණු   ලේ වලින් ද මන්දා   පාරත් සුදු ඉරි වලින් පිරිලා එදා ගිනි දවාලෙ , මහ වැස්සෙ සහයෝගයෙන් අතපසු කරපු අමතක කරමු මතක   පණ වගේ ඉමු කියපු ..!

පාපොච්චාරණය

මටත් දැන් හරියටම විසි තුනක් පපුවට දුම් පිරුණු අවුරුදුම හයක්   ග්‍රෑම් ගණනින් ගත් සිනහවත් එක්ක මුසුවිය අපායක මිතුදමක් හීන සොයා මා ගිය මග අතුරලා නරකාදි සැපක් මගේ හීන බොදකලා සමාවෙයන් මෙන්න දෑත එක්කලා ලැජ්ජ උනා නම් මල්ලියෙ මං නිසා තරු දෙකක් තුනක් කාකි ඇදුමෙ එක්කරන් ඇවිත් එක්ක ගොහින් මාව හිර කරන් අම්ම ඒවි දුවගෙන කදුලක් අරන් " අයියා මළා " කියා ඇයව හරවපන් ඇයට හැකිය තුටු වෙන්නට උබ බලන් සතුටු සිනා සින්නක්කර උබ තියන් ඇගේ කදුළු එකක්නෑර මට දියන් පොලිස්පති වෙලා මගෙ සොහොනට කෙලගසන් ...!

සිනාසෙන්නට ලියවුණු දවසක

නුබටත් හොරා රහසෙම   දැකපු සිහින මම තනියම   කියන්න දෙනවද   මටත් මදකට අවසර   සිනාසෙන්නට ලියවුන දිනක සතුටින් හෙමිහිට   හරිත වර්ණ වූ යහනක වැතිර ඉන්නද නුබ ලග බෝගම්බර වැව ලග මාලිගාවත් පේන මානෙන් වචන පටලමු ඉරත් වැවියෙන්   එලිය දෙන්නැති හවසක ....!

සීතල රෑ

නිකොටීන් දුමෙන් පපුව පුරවගෙන නින්දට ගිය හොදටෝම කළුවර   සීතල රෑක බාගෙට දැකගෙන , එද්දිම ...! බයවෙලා ඇහැරුණ හීනෙ අයිනට උඹ ආවෙ කොහොමද   ළමයෙකුත් වඩාගෙන ..?