පාපොච්චාරණය

මටත් දැන් හරියටම විසි තුනක්
පපුවට දුම් පිරුණු අවුරුදුම හයක් 
ග්‍රෑම් ගණනින් ගත් සිනහවත්
එක්ක මුසුවිය අපායක මිතුදමක්

හීන සොයා මා ගිය මග අතුරලා
නරකාදි සැපක් මගේ හීන බොදකලා
සමාවෙයන් මෙන්න දෑත එක්කලා
ලැජ්ජ උනා නම් මල්ලියෙ මං නිසා

තරු දෙකක් තුනක් කාකි ඇදුමෙ එක්කරන්
ඇවිත් එක්ක ගොහින් මාව හිර කරන්
අම්ම ඒවි දුවගෙන කදුලක් අරන්
"අයියා මළා" කියා ඇයව හරවපන්

ඇයට හැකිය තුටු වෙන්නට උබ බලන්
සතුටු සිනා සින්නක්කර උබ තියන්
ඇගේ කදුළු එකක්නෑර මට දියන්
පොලිස්පති වෙලා මගෙ සොහොනට කෙලගසන්...!




Comments

Popular posts from this blog

අහස් කූර ✍️

සඳ අහපං උඹ

රාමසාන් - අවුරුදු