පතිවත

දකුණු පස 
කොනට වන්නට
ගිරා මලිත්තා
එක් වූ නෝට්ටු
දෙක තුනකට,
දිවා-රෑ දෙකෙහිම
තෙවන සිල්පදය 
බිදින...,
නුබේ අතරම
මගේ නෙත ගැටි
කිහිපයක් ඇත
තදින් අදිටන්
කරන් පුදනව
සැමියා වෙතටම
නුබෙන් විකිණෙන.,
ගැහැණු උදවිය 

රකින පතිවත...

Comments

Popular posts from this blog

රාමසාන් - අවුරුදු

අහස් කූර ✍️

සිනාසෙන්නට ලියවුණු දවසක