ගණිකාව

සැමදෙන සිනාමුසු මුහුණින් පිළිගත්තා
කොල්ලො කුරුට්ටන් රිසිසේ සැපගත්තා
වසයක් උන්දැලත් අතරට උන්නා
ඇය ගැහැණියක්
සැමටම පතිවත වික්කා

යටිතොල හපන් 
දෙඇසම වසාගෙන
යුද්ධෙක යෙදෙනවා 
ඇඳ උඩ හැම පැයම
අකැමැති උනත් 
මෙමගින් ඇය දිවිගෙවන
වෘත්තිය මෙයයි
මුඩුක්කු වල රජ කරන

උදේ-හවස නිති දරුවට පිටි දුන්නු
වේල් තුනම රසබත් ගුලිකර දුන්නු
පාසල් යවා සැනෙකින් මඩමේ උන්නු
නළඟන ඇයයි...
මුදලට ආලය එක්කලා ඇඟ දුන්නු

"මල්ලියෙ..!
දරුවා අඩනව ඇති
ඉක්මන් කරපං
ආයෙත් එන්නෙපා
උබ පන්තිම පලයං 

කෙල්ලෙක් ඉන්නවා නම්
ඒකිට ගරු කරපං
ඒකිට මේ වගේ
නොම වෙන්නට තියපං"...!



Comments

Popular posts from this blog

අහස් කූර ✍️

සඳ අහපං උඹ

රාමසාන් - අවුරුදු