අහස් කූර ✍️

නෝමල් එක දහයයි
විසිල් එකත් එක්ක පනහයි
පොඩි එවුන් හරි ආසයි
උන්ගෙ හිනාව දකින්න
නුබ ගන්නව අහස් කූරු 
දාහයි එක්දාස් පන්සීයයි

දන්නෙ නෑ උබල 
              ඒකෙ කතාව
හරි දුෂ්කරයි 
              අවුරුද්දට එක පාරයි
මට එකකින් 
              රුපියලයි දහයයි
ලොකු මහත්තයට 
              හයයි තිහයි
කඩේ මල්ලිට 
              තුනයි දහයයි
එහෙම බැලුවම 
              මට හරි පොඩ්ඩයි

Comments

Popular posts from this blog

සඳ අහපං උඹ

රාමසාන් - අවුරුදු