Posts

මතක 💔

නුඹත් ලග නැති තවත් එකමත් අදුරු දවසක ... තොලේ ගැවටුණ කදුළු බිදුවක රසය බලමින්   වැවේ අයිනේ මාර ගහ යට ගත්ත කාලත් අතට අරගෙන ... වාඩි වී මම , හිතට වදදෙන මතක ගුලි කර වැවේ පතුලට කාලෙ එම්ටියත් එක්කම   විසි කළා අද ...!

♥️✍️

එලිසමය නැතුව හැඩවුණ නුඹේ දෙතොලින් මුමුණන පේළි හතරක කවියක ඉන්න ආසයි සදහට ...

බේබද්දා

අරක්කු , ගල් , සිගා බොන එවුන් කිව්වා වදිනවලු ඒවට ලොවෙත් නැති විලසා වොඩ්කා , බ්‍රැන්ඩි , වයින් විතරක් ගනින් බං පොෂ් කමට සරිලන   ඒකලු ගැම්ම කොල්ලා කවුරු දනීද ? උබ බොන්නෙ ගල් , උබ වොඩ්කා විතරයි දකින හැමෝටම   මචං ... උබ බේබද්දා ...!

රාමසාන් - අවුරුදු

මතක ඇති උබට පොඩි කාලෙ   අපි දෙන්නටම   රාමසාන් - අවුරුදු ... උබලට නෝම්බි අපිට නොනගතේ ... බැස්සෙ අපි පාරට බැට් එකයි බෝලෙයි   පුටුවයි ...  හිටියෙ අපිත් එක්ක තනියට ... උබලගෙ ගෙදර   අපේ කිරිබත , කැවිලි පිගානත් එක්කම අපේ ගෙදර කටට කෙල උනන වටලප්පම ඇයි අමතක උබල අපි එකට දීපු දන්සල තේරෙන්නෙ නෑ හරි වැරැද්ද නෑ ආයෙත් මට හැගෙන විදියට උබල අපි එකට සමරන රාමසාන් - අවුරුදු .... •

සඳ අහපං උඹ

සඳ අහපං උඹ පලයං වලාකුළු අස්සට නැත්නං රිදෙයි හිත සිපගන්නකොට ඇගේ දෙතොල චුට්ටක් සීතල දීපං මට තුරුල් වෙන්න්ට ඇගේ පපුවට උනුහුම හොයන්න හංසයන් මැද නිදන්න සුවෙන් හිඳ අවලමේ යන උඹට මම පෙන්වන්නෑ ඇගේ රූසපුව මගදි හම්බෙන තරුමල් වලට කියයි කේලම යන ගමන් උඹ

අහස් කූර ✍️

නෝමල් එක දහයයි විසිල් එකත් එක්ක පනහයි පොඩි එවුන් හරි ආසයි උන්ගෙ හිනාව දකින්න නුබ ගන්නව අහස් කූරු   දාහයි එක්දාස් පන්සීයයි දන්නෙ නෑ උබල                 ඒකෙ කතාව හරි දුෂ්කරයි                 අවුරුද්දට එක පාරයි මට එකකින්                 රුපියලයි දහයයි ලොකු මහත්තයට                 හයයි තිහයි කඩේ මල්ලිට                 තුනයි දහයයි එහෙම බැලුවම                 මට හරි පොඩ්ඩයි